FLi සත්කාර කබුරුවල මහා විද්‍යාලයට

2022 වර්ෂයේ සිට බප/මතු/කබුරුවල මහා විද්‍යාලයේ 6 වසරේ සිට සියලුම ශ්‍රේණි ඉංග්‍රිසී මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරීට ආරම්භ කළ අතර දැනට 7 ශ්‍රෙණියේ ඉගෙන ලබන දරුවන්ට සවියක් වෙමින් හොඳින් අධ්‍යාපන කටයුතු කර ගැනිමට ඔවුන්ගේ පාසලේ දරුවන්ට මලලසේකර ශබ්දකෝශය බැගින් ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන දරුවන් 25 දෙනාට බෙදා දීම කළුතර ශාඛාව මගින් 2023 /11/22 දින ලබා දෙන ලදී.

FLi සත්කාර රුවන් ඇල්ල කනිෂ්ඨ විද්‍යාලයට

මාත/ රුවන් ඇල්ල කනිෂ්ඨ විද්‍යාලයට දරුවන්ගේ තාක්ශණික දැනුමක දැනුම වැඩි දියුණු කිරීමට 2023/11/17 වන දින මාතර ශාඛාව මගින් පරිගණක යන්ත්‍ර 2 ක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි.

නත්තලේ සිරිමවන සෙනෙහසේ සත්කාරය!

බලාපොරොත්තු පොදි බැඳන් සිටින අපේම පුංචි පැංචන්ගේ හිත් මෙවර නත්තලේදී සනසාලන්න, අත්‍යවශ්‍ය හිඟ ඖෂධ, ආහාරපාන සහ පලතුරු සමග නත්තල් සීයත් එක්ක හිත පිරෙන්න තෑගිබෝගත් අරගෙන, මහරගම අපේක්ෂා රෝහලට අපි පියමන් කළා. ඒ 2023 දෙසැම්බර් මාසේ 16 වෙනිදා.. මේ ඔබ දකින්නේ ඒ ආදරණීය මතක සටහන් කීපයක්…